අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, සර්වජන බලය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මගින්ය.
22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම අද ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින්ය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිඳු සිල්වා සහ එහි අතිරේක ලේකම් එල්.අයි. වාකිෂ්ඨආරච්චි යන මහත්වරුන් විසින් පෙත්සම ඉදිරිපත් කරණු ලැබීය.
එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන ජනතා පරමාධිපත්‍යයට සෘජුවම බලපෑමක් සිදුකරන බව පෙත්සම මගින් ඔවුන් පෙන්වාදුනි.
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, මහානායක හිමිවරු, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, LAWASIA නීතිඥ සංගමය,, ජාත්‍යන්තර විනිසුරු සංගමය, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු මාග්‍රට් සැටර්ත්වේට් සහ ප්‍රංශ ජාතික නීතිඥ මණ්ඩලය ඇතුළු බොහෝ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන මෙම පනත් කෙටුම්පතට දැනටමත් විරෝධය පළ කර තිබෙන බවත් පෙත්සමේ සඳහන්ය.
රජය මඟින් ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන ජනතා පරමාධිපත්‍යය සමග සෘජුවම බලපෑමක් සිදුකරන අතර එහි දෙවැනි වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කලහොත් එම සංශෝධනය මගින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය, අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්ම, විනිසුරුන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය, පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර මූලධර්ම ගණනාවක් උල්ලංඝනය වන බවත් පෙත්සමින් පෙන්වාදී තිබේ.
ඒ අනුව,ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරු අසුන්ගෙන අදාල පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ පරික්ෂා කර තීන්දුවක් ලබාදෙන ලෙසත් ,යෝජිත පනත් කෙටුම්පතේ දෙවැනි සහ තුන්වැනි වගන්ති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කරන බැවින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍යනම් ඒවා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මේ අතර සමගි ජන බලවේගයද අද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
එමඟින් ඔවුන් පෙන්වාදී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයකදී රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බලතල බෙදීම සහ ජනතා අයිතිවාසිකම් කෙරෙහි ඇතිකළ හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලිය යුතු බවය.
මේ අතර සර්වජන බලයද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
එමෙන්ම මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍යවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.
එමඟින් ඔහු ඉල්ලාඇත්තේ මෙම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයට අමතරව ජනමත විචාරණයකින්ද සම්මත කළයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
මේ අතර ෆ්‍රී ලෝයර්ස් සංවිධානයද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
රාජිත සේනාරත්නගේ සොහොයුරාට ඇප ලැබුණත් ගෙදර යන්න බැරි වෙයි
අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිවෙයි
පාසල් සිසුන් පිරිසකට රුපියල් 5,000ක මාසික දීමනාවක්
දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාරව ආදේශක ක්‍රීඩකයා ලෙස කැඳවයි
ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය
පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධියක් ගන්න පොලී රහිත ණයක්! අයදුම්පත් කැඳවයි!
පුද්ගලයින් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් ඇතුළු දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්
ඉන්දීය තරගය අතරමැද චන්දිමාල්ට ආබාධයක්
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්! විපක්ෂයෙන් දැඩි විරෝධයක්!