Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රියදුරන්ට දැනුම්දීමක්

6 minutes ago

සැප්තැම්බර් 19 වැනිදා සිට අධිවේගී මාර්ගයට ඇතුළු වන සියලුම වාහනවල රියදුරන් සහ මගීන් ආසනපටි පැලඳීම අනිවාර්ය බව පොලීසිය පවසනවා.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේ, සියලු මගීන් ආසනපටි පැලඳීම අනිවාර්ය වන අතර එම නීතිය දින්ම ක්‍රියාත්මක කරන බවයි.

ආසනපටි නොපැලඳ ගමන් කරන පුද්ගලයෙකුට රුපියල් 1,000ක දඩයක් පැනවිය හැකි බවද ඔහු සඳහන් කළා.

අධිවේගී බස් රථවල ආසනපටි නොපැලඳ සිටින මගීන්ගෙන්ද එම දඩ මුදල අයකර ගැනීමට නීතිමය හැකියාව පවතින බව පොලීසිය පවසනවා.

මේ අතර, ආසනපටි නොමැති වාහන සඳහා ඒවා සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලයද සැප්තැම්බර් 19 වැනිදායින් අවසන් වන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරන්නේ.

2025 සැප්තැම්බර් 25 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ආසනපටි පැලඳීම අනිවාර්ය කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *