අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) දිනයේ සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසයි.
ඒ මහතාගේ දේහය අද (02) පස්වරුවේ බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙනවිත් එහි තැන්පත් කෙරෙනු ඇත.
කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබුණි.
මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වන වියේ පසුවුණි.
ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ජේ.ඒ මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනය කර ඇති අතර රංගන ශිල්පියෙකු ලෙසද සිය දායකත්වය ලබාදී තිබුණි.
ප්‍රියංකර පෙරේරා මහතා චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක විය.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්