ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල කාණ්ඩ තුනෙන්ම සිය ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථාන හිමිකරගෙන තිබේ.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ආසියානු කුසලාන තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙනි.
ඩුබායිහිදී පැවති එම තරගයේදී චමරි අතපත්තු එක් කඩුල්ලක් දවාගැනීමෙන් අනතුරුව නොදැවී ලකුණු 48ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට දායක වූවාය.
ඒ අනුව 36 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකාව විස්සයි20 පිතිකාරිනියන් අතර හයවැනි ස්ථානයටත්, පන්දු යවන්නියන් අතර 33වැනි ස්ථානයටත්, තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.
එම ස්ථාන තුනම චමරි අතපත්තු සිය විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අදාළ කාණ්ඩවල මෙතෙක් ලබාගත් ඉහළම ශ්‍රේණිගත කිරීම් වීම විශේෂත්වයකි.
මේ වසර මුලදී පැවති අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීද චමරි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 172ක් රැස්කරමින් සහ කඩුලු 3ක් දවාගනිමින් දස්කම් දැක්වූවාය.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්