Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර තුනක් තුළ තැඹිලි ගම්මාන 250ක්

3 minutes ago

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන හෙට (02) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්වගා කිරිමේ මණ්ඩලයේ මහායාය වතු ප්‍රරිශ්‍රයේ දි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙරට තැඹිලි වගාව පුළුල් කරමින් නිෂ්පාදන හා ඵලදායීතාව ඉහළ නැංවීමත්, තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීම් මෙහි මූලික අරමුණු වේ.

මෙම වැඩසටහන යටතේ මෙම වසරේ වසරේ ගම්මාන 75ක්, 2027 වසරේ ගම්මාන 80ක් සහ 2028 වසරේ ගම්මාන 95ක් වශයෙන්, වසර තුනක් තුළ තැඹිලි ගම්මාන 250ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිතය.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම සහ තැඹිලි හා ඒ ආශ්‍රිත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12කට වඩා වැඩි අගයකින් ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.

මෙහිදී තැඹිලි ගොවීන් දිරිගැන්වීම සඳහා පවතින තැඹිලි ගස් පුනරුත්ථාපනය කිරීමේදී එක් ගසකට රු. 700ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට නියමිතය.

එමෙන්ම නව වගාව සඳහා එක් තැඹිලි පැළයක වටිනාකම රු. 750ක් වුවද, ගොවීන් වෙත එය රු. 150ක සහනදායී මිලකට ලබාදීමට කටයුතු කෙරේ.

2026 වසරේදී තැඹිලි ගස් 20,300ක් පුනරුත්ථාපනය කිරීම සහ නව තැඹිලි පැළ 37,500ක් රෝපණය කිරීම සැලසුම් කර ඇති අතර, 2026–2028 කාලය තුළ නව වගාව සඳහා පැළ 212,500ක් රෝපණය කිරීමටත්, පවතින තැඹිලි ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමටත් සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහනේ ආරම්භක අදියර මොනරාගල, මාතර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ, කළුතර, පුත්තලම, රත්නපුර, හම්බන්තොට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අම්පාර, මාතලේ, ගාල්ල, මඩකලපුව සහ මහනුවර යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් ගම්මාන 75ක් මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තවද තැඹිලි වගාකරුවන්, එකතු කරන්නන් සහ අපනයනකරුවන් ඇතුළත් විධිමත් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම, තැඹිලි අක්කර 500ක් සඳහා ජල සම්පාදන පහසුකම් සැපයීම සහ තැඹිලි වගාව ආශ්‍රිත ආදායම් හා රැකියා අවස්ථා පුළුල් කිරීම ද මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය.

“Ceylon King Coconut Village” ජාතික වැඩසටහන මගින්, තැඹිලි වගාව, එකතු කිරීම, ප්‍රවාහනය, සැකසීම සහ අපනයනය ආශ්‍රිතව නව ආදායම් හා රැකියා අවස්ථා නිර්මාණය කරමින් පවුල් ඒකක 21,250 ක ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙහි තවත් අරමුණකි.

ඒ තුළින් ග්‍රාමීය ජනතාවගේ ආදායම් ශක්තිමත් කරමින්, ඔවුන් ජාතික ආර්ථික වර්ධනයේ සෘජු හවුල්කරුවන් බවට පත් කිරීමටද අපේක්ෂා කෙරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *