Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අජිත් රෝහණ ස්ථාන මාරුවට පයින් ගසයි!ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයට හා පොලිස් කොමිසමට ලිපි!

3 years ago

තමන්ව ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ, තමන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව පවසමින්.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් යොමුකළ අදාළ ලිපියේ දැක්වෙන්නේ තමන්ව නැගෙනහිර පළාතට මාරු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇතැයි අනාවරණ වී ඇති බවයි.

අමාත්‍යංශයේ එම තීරණය ද්වේෂසහගත, හිතුවක්කාර සහ අසාධාරණ තීරණයක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් පොලිස් කොමිසමේ සභාපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්.

සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන පොලිස්පති ධූරයට අදාළ වාර්තා පිළිබඳව ද අමාත්‍යංශය තමන්ට චෝදනා කළ බව හා ස්ථාන මාරු කරන බවට ඉඟියක් ද ලබා දුන් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ. 

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් සිය ස්ථාන මාරුව සම්බන්ධයෙන් පවතින ගැටලුව සොයා බලන්නේ නම් ඒ සම්බන්ධයෙන් කෘතඥ වන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙතද ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරිමට බලය ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත බවයි.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් අනුමත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට කිසිදු බලයක් ලබාදී නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ස්ථාන මාරුවීම් පටිපාටියේ “ආවරණ අනුමැතිය” යනුවෙන් සිද්ධාන්තයක් ද නැහැ. ඒ අනුව පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ලබාදී ඇති එම ස්ථානමාරුවීම් නියෝගය ක්‍රියාත්මක කිරීමට තමන් බැදී නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *