ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
එය අද (11) පෙ.ව 11ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.
මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණ අංශ දැනුම් දී තිබේ.
“මොඛා” සුළි කුණාටුව මේ වනවිට උදෑසන 5.30 වනවිට 11.2N සහ 88.1E ආසන්නයේ කේන්ද්‍ර ගත ව පැවතුණි.
එම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කමින් අද මධ්‍යම රාත්‍රියේ දී පමණ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇත.
ඉන් අනතුරුව එය ක්‍රමයෙන් වර්ධනය වී හෙට (12) උදෑසන වනවිට උතුරට බරව ඊසාන දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව හෙට හවස් වෙන විට ඉතා චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතිය මැයි 14 වනදා උදෑසන සිට මදක් දුර්වල වී එදින දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතය.


ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය