Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාළු මිල ඉහළ නගී

3 years ago

වෙළඳපොලේ එළවලු සහ මාලු මිල ගණන් මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව බොංචි, කැරට්, ගෝවා, තක්කාලි,  දෙහි සහ මාලු  මිළ ගණන් සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.

ඒ අනුව කොළඹ මැනිං වෙළඳපොලේ බොංචි කිලෝවක් රුපියල් 400 කටත්,  කැරට් කිලෝවක් රුපියල් 150 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 150 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 230 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත් දෙහි කිලෝවක් රුපියල් 300 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 200 කටත් අළෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.

මෙයට අමතරව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බොංචි කිලෝවක් රුපියල් 560 කටත්,  කැරට් කිලෝවක් රුපියල් 240 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 200 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 360 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 300 කටත් දෙහි කිලෝවක් රුපියල් 600 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 400 කටත් අළෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

වෙළඳපොළේ මාලු මිළ ගණන්ද ඉහල අගයක් ගෙන ඇති අතර පෑලියගොඩ මතස්‍ය වෙළඳපොලේ කෙලවල්ලා කිලෝව රුපියල් 1400 කටත්, බලයා කිලෝව රුපියල් 1100 කටත්, පරා කිලෝව රුපියල් 1300 කටත්, තලපත් කිලෝව  රුපියල් 1750 කටත්, සාලයා කිලෝව රුපියල් 480 කටත්, ලින්නා කිලෝව රුපියල් 1000 කටත්  අළෙවි වන බවද පාරිභෝගිකයෝ පවසති.

මෙම මිළ ගණන් වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොලේ එළවලු සහ මාලු මිළ ගණන් මිළ ඉහළ ගොස් ඇතැයි  පාරිභෝගිකයෝ කියති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *