Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ආධිපත්‍යය පතුරවයි! ඉන්දියාවට අයි.සි.සි.යේ ආදායමෙන් ලොකු කොටස හිමිවෙද්දී අනෙක් රටවලට හිමිවන මුදල මෙන්න!

3 years ago

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ආදායම් බෙදාහැරීම සඳහා යෝජිත නව ආකෘතියට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුසන්සිලයේ (ICC) අතිරික්ත ආදායම්වලින් ඉහළම කොටස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමි වීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ ක්‍රීඩා වෙබ් අඩවිය වාර්තා කරතිබෙනවා.

මෙම නව ආකෘතිය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින අතර, ඊට අනුව ඉදිරි වසර හතර තුළ දී (2024–27) ඉන්දියාව අයි.සී.සී ආදායමෙන් 38.5% ක ප්‍රතිශතයක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 230 ක මුදලක් වාර්ෂිකව හිමි කර ගැනීමට නියමිතයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 7,254 කට ආසන්න අගයකි.

විශේෂිත කරුණ වන්නේ අන් කිසිඳු රටක ආදායම් ප්‍රතිශතය 10% සීමාව ඉක්මවා ගොස් නොතිබීමය.

අයි.සී.සී වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 600 ක් ලෙස ගණනය කර තිබෙන අතට  එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18,924 ක පමණ වේ.

යෝජිත මෙම ක්‍රමයට අනුව අනුව වැඩිම ඉපැයීමක් ලබන අනෙක් රට වන්නේ එංගලන්තයයි. ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන 41.33(6.89%) ක මුදලක් හිමි කර ගැනීමට නියමිතය.

යෝජිත නව ආයාදම් බෙදී යාමේ ක්‍රම්වේදය අනුව 7 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 27.12 (4.52%) ක මුදලක් අයි.සී.සී ආදායමෙන් ලැබීමට නියමිතයි. එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 8,553 ක පමණ මුදලකි.

අයි.සී.සී පූර්ණ සාමාජික රටවල් 12 අතරේ ඩොලර් මිලියන 532.84 ක මුදලක් බෙදී යාමට නියමිත අතර, එය අයි.සී.සී යේ මුළු ආදායමෙන් 88.81% ක ප්‍රතිශතයකි. ඉතිරි ඩොලර් මිලියන 67.16 (11.19%) මුදල පූර්ණ සාමාජිකත්වය හිමි වී නොමැති රටවල් අතරේ බෙදී යන බවයි වාර්තා වන්නේ.

යෝජිත ක්‍රමවේදය අනුව අයි.සි.සි පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් අතරේ ආදායම් බෙදී යන ආකාරය පහත පරිදි වේ.

1. ඉන්දියාව – මිලියන 230 (38.5%)
2. එංගලන්තය – මිලියන 41.33 (6.89%) 3.ඔස්ට්‍රේලියාව – මිලියන 37.53 (6.25%)
4. පාකිස්තානය – මිලියන 34.51 (5.75%)
5. නවසීලන්තය – මිලියන 28.38 (4.73%)
6. බටහිර ඉන්දීය කොදෙව් – මිලියන 27.50 (4.58%)
7. ශ්‍රී ලංකාව – මිලියන 27.12 (4.52%)
8. දකුණු අප්‍රිකාව – මිලියන 26.24 (4.37%)
9. බංග්ලාදේශය – මිලියන 26.74 (4.46%)
10. අයර්ලන්තය – මිලියන 18.04 (3.01%)
11. සිම්බාබ්වේ – මිලියන 17.64 (2.94%)
12. ඇෆ්ඝනිස්තානය – මිලියන 16.82 (2.80%)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *