මිල අඩු වූ කිරිපිටි පළමුව බෙදා හරින්නේ බස්නාහිර පළාතට බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඉන් අනතුරුව සෙසු පළාත්වලට බෙදා හැරීම ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
රුපියල් 200කින් අඩු කළ මිල ගණන් ඇතුළත් ලේබල් කිරිපිටි පැකට්ටුවෙහි අද (14) සටහන් කරන බව එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කළා.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ හෙට (15) සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩු කරන බවයි.
කෙසේ වෙතත්, ඇණවුම් කළ කිරිපිටි නෞකාවක ප්‍රමාදයක් හේතුවෙන් නව මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට කිරිපිටි නිකුත් කිරීම කල් යනු ඇති බව කිරිපිටි ආනයන සංගමය ද පසුගියදා සඳහන් කළා.


රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්