වත්මන් ජනාධිපතිවරයාට කඩිනමින් ජනාධිපතිවරණය කැඳවීමට ව්‍යවස්ථානුකූලව බලය ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සැලසුම් කර තිබේ.
දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථා විධිවිධාන අනුව ජනතා ඡන්දයෙන් තේරීපත්වන ජනාධිපතිවරයකුට සිය ධූර කාලය වසර 4ක් සම්පූර්ණ කිරීමෙන් පසු නැවත ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කළ හැක.
එහෙත් ව්‍යවස්ථා විශාරදයන්ගේ මතය අනුව ඡන්දයෙන් තේරීපත් නොවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට එම නීතිමය වරම හිමි නොවන බවට තර්කයක් ඉදිරිපත්ව ඇත.
එබැවින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා පත්ව සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු ජනාධිපතිවරයා ධූරයට පත්ව වසර 4ක් ඇවෑමෙන් ජනාධිපතිවරණය කැඳවිය හැකිවන ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීම නව සංශෝධනයේ අරමුණ බව වැඩිදුරටත් වාර්තා වෙයි.
මේ ගැන දැනටමත් රජයේ නීති විශාරදයන් මූලික සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.


රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්! පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි!
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්
සලේ වෙනුවෙන් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන්