Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

3 years ago

ආපදාතත්ත්වයක් ඇති වුවහොත් ඊට කල්තියා මුහුණදීමට පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ආපදාවක් සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් පවතින්නේ නම් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනයට ඇමතිය හැකි බවය.

“පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ ගංවතුර තත්ත්වයක් පිළිබඳ වාර්තා වුණා. ඒ අවස්ථාවේ දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව හා ඒ සම්බන්ධ සියලුම කණ්ඩායම් වහාම ක්‍රියාත්මක වෙලා ඒ තත්ත්වයෙන් විභාගයට පෙනී සිටින සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා ක්‍රියාත්මක වුණා. සියලුම සිසුන් කිසිදු ගැටලුවකින් තොරව විභාගයට මුහුණදීලා තියෙනවා. ඉදිරි කාලය තුළදීත් කාලගුණ තත්ත්වය ගැන විශේෂයෙන් අවධානය යොමුකරන ලෙස සියලුමදෙනාගෙන් ඉල්ලා සිටිනවා. යම් ප්‍රදේශයකට වැසි තත්ත්වයක් තියෙනවා නම් එයට කල්තියා සුදානම් වෙන්න.”

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව මේ දක්වා පවත්වාගෙන යාමට හැකිය ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

“2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ වනවිට දින 5ක් අවසන් වෙලා තියෙනවා. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා තවත් දින 4ක දී පැවැත්වෙනවා. විභාගය ඉතාම සාර්ථකව පැවැත්වෙනවා. මම ඔබෙන් ඉල්ලා සිටිනවා සියලුම සිසුන් විභාග මධ්‍යස්ථානයට කලින් යන්න. මොකද අපි ප්‍රමාද වෙලා එන සිසුන්ට පැය භාගයක් ප්‍රමාද වුණාට පසුව විභාග නීතිය අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් තරම් කලින් විභාග මධ්‍යස්ථානය වෙත යන්න. යම් ආපදා තත්ත්වයක් ඇති වෙන තත්ත්වයක් ඇත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතා ඒ සඳහා පහසුකම් ලබාගන්න.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *