Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්ලාස්ටික් නිෂ්පාදන ගැන තීරණයක්

3 years ago

ප්ලාස්ටික් මල් වට්ටි, ප්ලාස්ටික් පැන් කළ, ප්ලාස්ටික් මල් සහ මල් පෝච්චි නිෂ්පාදනය සහ වෙළෙඳාම තහනම් කිරීමටද මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇත.

තනි භාවිත පොලිතින් ප්ලාස්ටික් ආදියෙන් මුලින්ම තහනම් කිරීමට සැලසුම් කර ඇත්තේ වැඩියෙන්ම භාවිතා කරන භාණ්ඩ වීම නිසා බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවැසීය.

ප්ලාස්ටික් මල් මාලා, එක් වරක් භාවිතා කරන හැඳි ගෑරුප්පු, බීම කලතන සහ ඉඳි ආප්ප වට්ටි නිෂ්පාදනය සහ වෙළෙඳාම ඉකුත් පළමුවැනිදා සිට තහනම් කිරීමට කටයුතු යොදා තිබුණද, අදාළ ගැසට් පත්‍රය මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

තනි භාවිත ප්ලාස්ටික්වල අතිශය භයානක කොටස මයික්‍රෝ ප්ලාස්ටික් බවද, ජෙල් වර්ගයේ දන්තාලේපන, විෂබීජ කාරක සහ ක්‍රීම් වර්ගවල මෙම මයික්‍රෝ ප්ලාස්ටික් අන්තර්ගත බව ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ උපදේශක නීතිඥ ජගත් ගුණවර්ධන පැවැසීය.

මයික්‍රෝ ප්ලාස්ටික් තහනම් කිරීමට 2019 වසරේ දී පරිසරවේදීන් යෝජනා කළ නමුත් අද වනතුරු එම තහනම ක්‍රියාත්මක නැති බවද, ජාතික පාරිසරික පනතේ 23 ඩබ්ලිව් වගන්තිය යටතේ මෙම තහනම් ක්‍රියාත්ම කිරීමේ හැකියාව පවතින බවද ඔහු කීවේය.

සිසිල් බීම අසුරන පෙට් බෝතල්, යෝගට් කෝප්ප ආදිය තහනම් කිරීම සම්බන්ධව මෙතෙක් කිසිදු කතාබහක් නොමැති බවද, ෂොපින් බෑග් ආදියෙන් පරිසරයට දැඩි හානියක් සිදුවන නිසා ඊට මිලක් නියම නොකර ඒවා තහනම් කිරීමට කටයුතු කළයුතුව ඇතැයි ද ඔහු පැවසුවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *