මාස තුනක සේවා දිගුව අවසන් වීමත් සමඟ පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතාගේ සේවා කාලය එළැඹෙන 26 වෙනිදායින් අවසන්වීමට නියමිතව තිබේ.
පසුගිය මාර්තු මස 26 වැනි දා විශ්‍රාම යාමට සිටි ඔහුට රජය විසින් මාස තුනක සේවා දිගුවක් ලබා දෙන ලදී.
මේ වනවිට මීළඟ පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, අජිත් රෝහණ, ප‍්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති අතර මීළඟ පොලිස්පතිවරයා කවුදැයි අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා නිතර වෙමින් සිටින විදේශ සංචාරයක නිම කර මෙරටට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ ටිරාන් අලස් මහතා කියා සිටී.
පොලිස්පති ධුරයට ජනාධිපතිවරයා විසින් කරන යෝජනාවක් ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසු මීළඟ පොලිස්පතිවරයා පත්වෙයි.


ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය