ගිලී ගිය ටයිටැනික් නෞකාව රැඳී ඇති මුහුදු පත්ල ආසන්නයේ යම් යාත්‍රාවක සුන්බුන් තිබී හමුවූ බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කර එම යාත්‍රා සුන්බුන් හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බවය.
ධනවතුන් ඇතුළු පස්දෙනකු සමග අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.50ට පමණ අවසන් වී ඇතැයි මේ වනවිට උපකල්පනය කර තිබේ.
අමරිකාව, කැනඩාව, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක සහයෝගයෙන් ක්‍රියාත්මක මෙහෙයුම් මුහුදේ කිලෝමීටර හතරක් ගැඹුරට දියත් කර ඇතත් මෙතෙක් සබ්මැරීනය පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නොමැත.
මගීන් 5දෙනෙකු රැගත් කුඩා ප්‍රමාණයේ ටයිටන් සබ්මැරීනය සමඟ පෝලාර් ප්‍රින්ස් (POLAR PRINCE) නෞකාව පසුගිය ඉරිදා ගමන් ආරම්භ කළේ නැගෙනහිර කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වරායෙනි.
ඒ අත්ලාන්තික් සාගර පත්ලේ මිටර් 3,800 ක් ගැඹුරේ ගිලී පවතින ලෝ ප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය සඳහාය.
එහෙත් ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45ක් ගතවෙත්ම යාත්‍රාව සමඟ පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටුණේ, ලොව රටවල් රැසක් එක්ව ක්‍රියාත්මක කරන දැවැන්ත නාවුක මෙහෙයුමකට පසුබිම සකස් කරමිනි.



ජනපති පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ
උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැරගන්න පෙම්වතා දැරූ උත්සහාය වරදියි
තවත් සංවිධාන අපරාධකරුවෙක් ඩුබායි හිදී අත්අඩංගුවට
පොල් පලදාව පහළට
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මිලියන 6,000ක වත්කම් සහ දේපළ තහනම්
රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී
පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑම ඉහළට
ලංකාව ආසන්නයේ ඇති බව කියන ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය