ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගත නොකළහොත්, එහි සේවකයන් හය දහසකගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් උද්ගත වී ඇති බව, වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබන බව පවසන අමාත්‍යවරයා, ගුවන් සේවය නඩත්තු කිරීම රජයට තව දුරටත් කළ නොහැකි බවද පවසයි.
එසේම, ගුවන් සේවය නඩත්තු කිරීම සදහා මහජන බදු මුදල් වැයකිරීම අසාධාරණ බවද අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සදහා විදේශීය මූල්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගැනීම, රජය මේ වන විටත් අරඹා ඇතැයි අමාත්‍යවරයා පවසයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදු කරන බවද අමාත්‍යවරයා පවසා තිබේ


අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්