Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය ආයතන 65කට ජනපතිගෙන් සම්මාන

3 years ago

ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙලෙස සම්මාන ප්‍රදානය කරනු ලබන්නේ 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන වෙතයි.

මෙහිදි අංශ රැසක් යටතේ සම්මාන පිරිනැමීමට නියමිතය.

ඒ අනුව රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සම්මාන ප්‍රදානය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *