2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30වනදා සිට සැප්තැම්බර් 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
තරගාවලිය ආරමිභ කරමින් තරගාවලියෙහි පළමු තරගය ලෙස අගොස්තු 30 වනදා පාකිස්තානය හා නේපාලය අතර තරගය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය.
2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා “ඒ” සහ “බී” කාණ්ඩ යටතේ කණ්ඩායම් 6ක් සහභාගී වෙයි.
එහිදී ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය “ඒ” කාණ්ඩය යටතේද ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය “බී” කාණ්ඩය යටතේද තරග වදියි.
ඉන් එක කාණ්ඩයකින් කණ්ඩායම් දෙක බැගින් සුපිරි 4 දෙනාගේ වටයට තේරෙන අතර තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 17 වනදා කොළඹදී පැවැත්වෙයි.
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව ඇති අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් පාකිස්තානයට යෑම ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය.
එබැවින් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීමෙන් තරගාවලියේ සමහර තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කළේය.
2023 ඔක්තෝබර් 05 වනදා ඉන්දියාවේදී ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලියේ තරග පන්දු ඕවර 50 තරග ලෙස පැවැත්වෙයි.



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ
හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID නව අධ්යක්ෂවරයෙක්!
රන් මිල පහළට
22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි
පයාගල වෙඩිල්ලෙන් පානදුර නිලංගගේ මස්සිනාට දිවි අහිමි වෙයි
සැඩ පහරට හසුවූ තරුණයා අතුරුදහන්
විදුලි බිල වැඩිවෙයිද?
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කාලගුණය උඩු යටිකුරු වෙන ලකුණු