මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී ඊයේ(19) රාත්‍රී පොලිස් විශේෂ කාර්යය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලැබු සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම මියගිය සැකකරු හෝමාගම ප්‍රදෙශයේ සිදූවූ මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරු බව ද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.


පයාගල වෙඩිල්ලෙන් පානදුර නිලංගගේ මස්සිනාට දිවි අහිමි වෙයි
සැඩ පහරට හසුවූ තරුණයා අතුරුදහන්
විදුලි බිල වැඩිවෙයිද?
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කාලගුණය උඩු යටිකුරු වෙන ලකුණු
ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට