Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් කුමක් විය හැකි ද?

2 years ago

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම හෙට පැවැත්වේ.

මෙරට මිලියන 22ක් වන ජනතාවගෙන් 17, 141, 354කට ආසන්න සංඛ්‍යාවක් නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇත.

මෙරට ඡන්ද ක්‍රමය අනුව ඡන්ද දායකයින්ට තමන් කැමති අපේක්ෂකයින් තිදෙනෙකු කැමැත්තේ අනුපිළිවෙළ අනුව නම් කිරීමට ඡන්ද පත්‍රිකාවේ ඉඩ සලසා ඇති අතර ඔවුන් ප්‍රකාශ කරන ඡන්දයෙන් 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත් වේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් මොහොමඩ් ඉල්යාස් නමැති අපේක්ෂකයා හෘදයාබාධයකින් මිය යාම නිසා මේ වන විට අපේක්ෂකයින් 38 දෙනෙකු ජනාධිපතිවරණ තරග බිමට පිවිස සිටිනවා.

ඒ අනුව මෙතෙක් ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් ගණන මෙවර වාතථා වනවා.

කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් කුමක් විය හැකි ද?

1982 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ජනාධිපතිවරණ ඡන්ද විමසීම් 8ක් පවත්වා තිබේ.

විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා 1982 වසරේ සිට 2019 වසර දක්වා පැවති ඡන්ද විමසීම්වලදී ඒවා ජයග්‍රහණය කළ කිසිදු අපේක්ෂකයෙකු 50% අඩු ප්‍රතිශතයක් ලබා නොතිබීම මෙරට මැතිවරණය ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීමකි.

ඉතිහාසය දෙස බැලීමේදී මේ දක්වා පැවති ජනාධිපතිවරණවලින් වැඩි ම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්ව ඇත්තේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ය. 1994 පැවති ඡන්ද සටනින් ඇය ලබා ගෙන තිබුණු ඡන්ද ප්‍රතිශතය 62.28%කි.

මෙරට ඡන්ද ක්‍රමය අනුව ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප භාවිතා කළ හැක.

ඡන්ද දායකයින්ට තමන් කැමති අපේක්ෂකයින් තිදෙනෙකු කැමැත්තේ අනුපිළිවෙළ අනුව නම් කිරීමට ඡන්ද පත්‍රිකාවේ ඉඩ සලසා ඇත්තේ, කිසිදු අපේක්ෂකයෙකු 50%ක ප්‍රතිශතය ඉක්මවා ඡන්දය ලබා ගැනීමට අසමත් වුවහොත් දෙවන වර ඡන්දය ගණනය කිරීමෙන් ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගැනීම සඳහාය.

කිසිඳු අපේක්ෂකයෙකුට හෝ 50% ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයා තෝරා ගන්නා ආකාරය

වැඩි ම ඡන්ද ගණනක් ලබා ගෙන ඇත්තේ A සහ B යන අපේක්ෂකයින් දෙදෙනා නම් ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාව මුල් වටයේදී ම දැන ගැනීමට හැකියාව තිබේ.

ඉන් අනතුරුව අනෙක් අපේක්ෂකයින්ට ඡන්දය ලැබුණු ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය Aට හෝ Bට ලැබී ඇති දැයි බැලීම සිදු කරයි.

එහිදී දෙවන මනාපය Aට ලැබී ඇති නම්, එම සංඛ්‍යාව Aට අයත් ඡන්ද ගොඩට එකතු වන අතර දෙවන මනාපය Bට ලැබී ඇති නම් එම සංඛ්‍යාව Bගේ ඡන්ද ගොඩට එකතු වෙයි.

අනෙක් අපේක්ෂකයින්ට ඡන්දය ලැබුණු ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපය Aට හෝ Bට ලැබී නොමැති නම් එම ඡන්ද පත්‍රිකාවල තුන්වන මනාපය සලකා බැලීම සිදු වේ.

එලෙස තුන්වන මනාපය Aට හෝ Bට ලැබී ඇත්නම් ඒවා අදාළ අපේක්ෂකයාගේ ඡන්ද ගොඩට එකතු වෙයි.

එවැනි අවස්ථාවක වැඩි ඡන්ද ගණනක් ලබා ගත් අපේක්ෂකයා 50% ප්‍රතිශතය ඉක්මවා ගොස් ඇතැයි ද යන්න නොසලකයි.

එලෙස ගණනය කිරීමෙන් අනතුරුව වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයාට ජයග්‍රහණය හිමි වෙයි.

කෙසේ වෙතත්, ඡන්ද සමාන වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට කුසපත් ඇදීමකින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට හැකියාව පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *