රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ ඥාති සහෝදරයා එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුව මාරවිල වැඩබලන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
මෙම රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රීවරයා ඊයේ මුදාහැරුණා.
ඊයේ පැවති පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයට පැමිණෙමින් සිටියදී මන්ත්‍රීවරයා ගමන් ගත් රථය අනතුරකට ලක්ව තිබුණේ වෙන්නප්පුව – කොස්වත්ත – හාල්දඩුවන ප්‍රදේශයේදීයි.
ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදු වූ එම අනතුරින් 65 හැවිරිදි වෙන්නප්පුව -පතහවත්ත ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.