සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළඹෙන විට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන ප්‍රමිතියෙන් තොර රතිඤ්ඤා වලින් සිදුවන අනතුරු පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු මහජනතාවට අනතුරු අඟවති.
කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය සහ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසන්නේ, වෙළෙඳසැල්වල ඇති බොහෝ රතිඤ්ඤා ප්‍රමිතියෙන් තොර බැවින් ඒවා භාවිතයෙන් බරපතළ තුවාල සිදුවීමේ අවදානමක් පවතින බවයි.
“අනාරක්ෂිත රතිඤ්ඤා පත්තුකිරීම නිසා ඇස්වලට තුවාල, පිළිස්සුම් සහ ශ්‍රවණාබාධ ඇතිවීමේ වැඩිවීමක් අපි දකිනවා. මෙම තුවාලවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ ළමයින්ට සහ තරුණයින්ටයි” ඔහු පැවසීය.
රතිඤ්ඤා භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් විශ්වාසවන්ත අලෙවිකරුවන්ගෙන් පමණක් මිලදීගන්නා ලෙසත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ජනතාවට උපදෙස් දෙයි.
“කුඩා දරුවන්ට රතිඤ්ඤා ලබාදෙන්න එපා. මිනිසුන්, ගෙවල් දොරවල් සහ වාහනවලින් බැහැරව එළිමහනේ ඒවා නිතරම දල්වන්න. දිගු යමක් භාවිත කර ඒවා දල්වා ඉක්මණින් ආපසු එතැනින් යන්න” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
“රතිඤ්ඤා දැල්වීමේදී ආරක්ෂිත කණ්නාඩි පැළඳිය යුතු අතර, නැවත ගිනි ගැනීමකදී භාවිත කිරීමට ජලය හෝ වැලි බාල්දියක් අසල තබා ගත යුතුයි,” යනුවෙන් ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කරයි.

බලශක්ති අර්බුදයක් පිළිබඳව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්
දඹුල්ලෙන් ආරම්භ වන සාම පාගමනේ ගමන් මග
කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර මාලාවක්? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
රටම බලා සිටි පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි
හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් ලද ආදායම
ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට බිලියන ගණනක ශුද්ධ ලාභයක්
ඇපල් සමාගමේ නායකත්වයේ වෙනසක්! ටිම් කුක් CEO ධුරයෙන් ඉවත් වෙයි!
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්
සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාවක් සම කළ තිලක් වර්මා
සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ මහා සංඝරත්නය දිවයිනට! ‘ආලෝකා’ ත් එයි!