Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චීන සිසුන්ට කොළඹ විශ්ව විද්‍යාලයේ දොරටු විවර වෙයි

3 years ago 1.8 K

කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව – 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ජූලි 29 වැනි දින පවත්වන ලදි.

මෙහි පළමු කණ්ඩායම චීන සිසුන් 30 දෙනෙකුගෙන් සමන්විත වේ.ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හැදෑරීම සඳහා චීන සිසුන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් තානාපති කාර්යාලය දැරූ පුළුල් ප්‍රයත්නවල ඵලයක් ලෙස මෙම වැඩසටහන පවත්වන ලදි. උපාධිය සඳහා වන සම්පූර්ණ පාඨමාලා ගාස්තු මෙම සිසුන් විසින් ගෙවනු ලැබේ.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ චීන-ආසියානු ආර්ථික සංවර්ධන සංගමය, බියුටිෆුල් චයිනා ඉන්වෙස්ට්මන්ට් සමාගම (Beautiful China Investment Co) සහ ටුමෝරෝ ටෙක්නොලොජි අධ්‍යාපන සේවා මධ්‍යස්ථානය (Tomorrow Technology Education Services Center) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකු වන තානාපති ආචාර්ය පාලිත කොහොන , කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව තෝරාගැනීම සම්බන්ධයෙන් සිසුන්ට සුභාශිංසන පළ කළ අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිසුන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා බවද සඳහන් කළේය. උසස් අධ්‍යාපන ක්‍රමය තුළින් සිසුන්, කර්මාන්ත, සේවකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ‘සතුටට පත් කිරීම’ ශ්‍රී ලංකාවේ මෙහෙවර වන බව සඳහන් කළ ඔහු, පාඨමාලා ගාස්තු ගෙවන විදේශීය සිසුන්ට ශ්‍රී ලංකාව උපාධි පාඨමාලා පිරිනමන බව ප්‍රකාශ කළේ ය.

විද්‍යාව, නීතිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීව විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශිෂ්ටයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාව ලොවට දායාද කොට ඇති බවත්, ඔවුහු මේ වන විට නාසා ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බෝයිං සහ ගූගල් වැනි ආයතනවල සේවය කරන බවත් ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන ලෙස චීන සිසුන් බොහෝ පිරිසක් තානාපතිවරයා විසින් දිරිමත් කරන ලදී. එමෙන්ම, සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර භුක්ති විඳින ලෙස මෙම සිසුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරාධනා කළේ ය.

දැනුම ලබා ගැනීම, චීනය සහ ශ්‍රී ලංකාව යන දෙරට අතර සංස්කෘතික හුවමාරුව සිදු කරන පණිවිඩකරුවන් ලෙස ක්‍රියා කිරීම සහ දෙරට අතර පවත්නා මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීම යනාදිය සඳහා මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස චීන-ආසියානු ආර්ථික සංවර්ධන සංගමයේ (CADEA) ජාත්‍යන්තර ශාස්ත්‍රීය හුවමාරු කමිටුවේ (CADEA) සභාපති වැංග් කෙජියාන් සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. බියුටිෆුල් චයිනා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම (Beautiful China Investment Co), ටුමෝරෝ ටෙක්නොලොජි අධ්‍යාපන සේවා මධ්‍යස්ථානය (Tomorrow Technology Education Services Center) සමඟ එක්ව තවත් චීන සිසුන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා යොමු කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *