ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙනවා
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධයින්ට මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙසයි සැලකෙන්නේ.
ඒ අනුව මෙරට බෞද්ධ ජනතාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලට එක් වෙමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරනු ලබනවා.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ ද අද වන් වෙසක් පුන් පොහෝ දිනකයි.
එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩ ම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්.
එමෙන්ම විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීම ද වෙසක් පුර පසළොස්වක පෝ දිනක සිදුවූ බව කියැවෙනවා.
බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් පෝ දිනකයි.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්