දළදා මාලිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ හෝ අන්තර්ගතයන් ප්‍රසිද්ධ කිරීම වළක්වමින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව, කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය. මෙම නියෝගය ජූලි මස 30 වැනිදා දක්වා වලංගු වන බව අධිකරණය දැනුම් දුන්නේය.
මෙම වාරණ නියෝගය, සුදන්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නිකුත් කර ඇති අතර, ඔවුන්ගේ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඉලක්ක කර ගනිමින් කිසිදු අපහාසාත්මක අන්තර්ගතයක් ප්‍රකාශයට පත් කිරීම තහනම් කර ඇත.
මෙම නඩුවේදී, පැමිණිලිකරු වන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් නීතිඥවරුන් වන රසික දිසානායක, අසංක දයානාත් සහ චෙරාග් නිල්ගිරිය අධිකරණයේ පෙනී සිටියහ.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්