මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත් ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික වටිනාකමින් දේපළ මුදල් විශුද්ධ කරන පනත අනුව තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
පොලීසිය පවසන්නේ, මෙම දේපොළවට හිමිකම් කියන හික්කඩුවේ නාලගස්දෙණියේ පදිංචි සැකකාර කාන්තාව මේ වනවිට හොරයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
එම සැකකාරිය සහ සමීපතමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් නිවාස ඉඩම් සහ යානවාහන මිලදීගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.
ඒ අනුව සුදු වැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා දෙමහල් නිවස එම ඉඩමට යාබද පර්චස් 12.72 ඉඩම, කළුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 40 ක් වටිනා පර්චස් 20 ක ඉඩම , එම ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 10 ක් වටිනා නිවස සහිත පර්චස් 05 ක ඉඩම රත්ගම පිහිටි රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවස සහිත පර්චස් 10 ක ඉඩමද කළුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවස සහිත හෙක්ටයාර් 0.0373 ඉඩම මෙන්ම රුපියල් ලක්ෂ එකසිය 120 ක් වටිනා සුඛෝභෝගී මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 16 ක් වටිනා තීරෝද රථයක් තහනම් කළ දේපෙළවලට අයත් වනවා.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි