සීදූව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ මරණය හුස්ම සිර කිරීමෙන් සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.
සීදූව වෑත්තෑව නන්දාරම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ නැදගමුවේ මහානාම හිමියන්ගේ සිරුර පසුගිය 14වනදා එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබියදී හමුවිය.
ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
ඒ අතර අත්අඩංගුවේ පසුවන සැකකාර ගෝල භික්ෂුවගේ පෙම්වතියගේ මව, ඇයගේ අනියම් සැමියා හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුද වන බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ, එම පුද්ගලයන් දෙදෙනා ඝාතනය සිදුවන අවස්ථාවේදී විහාරස්ථානය තුළ නොසිටි බවට සැකකාර භික්ෂුව ප්‍රකාශ කර ඇති බවය.
ඝාතනය මෙහෙයවා ඇත්තේ සැකකාර ගෝල භික්ෂුවගේ ඩුබායි හී සිටින පෙම්වතිය හා ඇයගේ මාමා කෙනෙකු බවටද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
එමෙන්ම සැකකාර භික්ෂුවගෙන් විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථය හා වැගන් ආර් රථය මිලදීගත් පුද්ගලයාව සීදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථය විකිණීමෙන් ලැබූ රුපියල් ලක්ෂ 135ක මුදල ඩුබායිහී සිටින පෙම්වතියට යැවීමට එය මිලදී ගත් පුද්ගලයා විසින් කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
source – ada derana

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා