සීදූව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ මරණය හුස්ම සිර කිරීමෙන් සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.
සීදූව වෑත්තෑව නන්දාරම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ නැදගමුවේ මහානාම හිමියන්ගේ සිරුර පසුගිය 14වනදා එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබියදී හමුවිය.
ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
ඒ අතර අත්අඩංගුවේ පසුවන සැකකාර ගෝල භික්ෂුවගේ පෙම්වතියගේ මව, ඇයගේ අනියම් සැමියා හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුද වන බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ, එම පුද්ගලයන් දෙදෙනා ඝාතනය සිදුවන අවස්ථාවේදී විහාරස්ථානය තුළ නොසිටි බවට සැකකාර භික්ෂුව ප්‍රකාශ කර ඇති බවය.
ඝාතනය මෙහෙයවා ඇත්තේ සැකකාර ගෝල භික්ෂුවගේ ඩුබායි හී සිටින පෙම්වතිය හා ඇයගේ මාමා කෙනෙකු බවටද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
එමෙන්ම සැකකාර භික්ෂුවගෙන් විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථය හා වැගන් ආර් රථය මිලදීගත් පුද්ගලයාව සීදුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථය විකිණීමෙන් ලැබූ රුපියල් ලක්ෂ 135ක මුදල ඩුබායිහී සිටින පෙම්වතියට යැවීමට එය මිලදී ගත් පුද්ගලයා විසින් කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
source – ada derana

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්