Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාවට පැන වූ 50% තීරුබද්ද අද සිට ක්‍රියාත්මකයි

9 months ago

ට්‍රම්ප් පරිපාලනය විසින් ඉන්දියානු අපනයන මත පැනවූ 50% ක තීරුබද්ද අද සිට බලාත්මක වේ. 

ඇගළුම්, රෙදිපිළි, ස්වර්ණාභරණ, ඉස්සන් සහ ගෘහ භාණ්ඩ ඇතුළුව ඩොලර් බිලියන 60.2 ක වටිනාකමකින් යුතු ඉන්දියානු අපනයන මත මෙම බද්ද ක්‍රියාත්මක වීමට නියමිත ය. 

මීට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ඉන්දියාවට ඇතැයි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබේ. 

ඉන්දීය අපනයන මත පනවා තිබුණු 25%ක තීරු බද්ද 50% දක්වා ඉහළ දැමීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබුණේ, ඉන්දියාව, රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමත් එම ඉන්ධන විකිණීමෙන් විශාල වශයෙන් ලාභ ඉපයීමත් හේතුවෙනි. 

එමෙන්ම, රුසියාව සමඟ සිදු කරන වෙළද ගනුදෙනු හරහා ඉන්දියාව වක්‍රාකාර වශයෙන් යුක්රේනයට එරෙහිව රුසියාව දියත් කර තිබෙන යුද්ධයට සහාය දක්වන බවද ජනාධිපති ට්‍රම්ප් චෝදනා කරයි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *