Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පනත් කෙටුම්පත් ද්විත්වයකට කථානායක සහතිකය

9 months ago

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (22) සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත සහ රබර් පාලන (සංශෝධන) පනත්කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කර තිබේ.

2013 අංක 1 දරන සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා 2025 ජුනි 17 වන දින ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත මූල්‍ය ආයතනයවල මූල්‍ය අධීක්ෂණය වැඩිදියුණු කිරීම කෙරෙහි සහ මූල්‍ය ආයතන තුළ වගවීම ශක්තිමත් කිරීමට ප්‍රතිපාදන සපයයි.

තවද, මෙම සංශෝධනය මගින් සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ සමෘද්ධි ප්‍රජාමූල සමිති සඳහා ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත මූල්‍ය ආයතන තුළ වගවීම ශක්තිමත් කිරීමට පැවරීම මඟින් පවතින ව්‍යවස්ථාපිත සහ ජාතික විගණන විධිවිධානවලට අනුකූල වීම සහතික කරයි..

1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා වූ රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත දැනට පවතින පාලක සහ රබර් පාලක යන තනතුරු නාමය වෙනුවට අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරු නාමය ආදේශ කොට තිබෙන අතර, ඒ අනුව රබර් සංවර්ධන ක්ෂේත්‍රයේ පාලනය අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් යටතට ගෙන ඒමට ප්‍රතිපාදන සලසා තිබේ.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් ද්විත්වය 2025 අංක 15 දරනසමෘද්ධි (සංශෝධන) පනත සහ 2025 අංක 16 දරන රබර් පාලන පනත ලෙස බලාත්මකය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *