අධිවේගී මාර්ගවල ගමන්ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්යය කිරීමේ ගැසට් නිවේදනය හෙට (31) නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
එසේම, අධිවේගී මාර්ගවල ගමන් කරන පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස් රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ද ආසන පටි සැකසීමට මාස 03 ක පමණ කාලයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දුර ගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසූ බවද, මේ සම්බන්ධයෙන් සියලුම දෙනා පාහේ සිය කැමැත්ත පළ කළ බවද, ඒ අනුව ඉදිරියේදී දුර ගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළඳීම අනිවාර්යය කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
රුපියල් 2000 ක පමණ මිලකට පැවති ආසන පටිවල මිල රුපියල් 5000 – 7000 අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් පරීක්ෂා කර බැලිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්