Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නැවතුණු සෞඛ්‍ය ව්‍යාපෘති 17ක් යළි ඇරඹෙයි

8 months ago

දැනට අත්හිටුවා ඇති සෞඛ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොවිඩ් 19 වසංගතය සහ ඊට පසුව හට ගත් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන සෞඛ්‍ය සේවා ආයතනවල ක්‍රියාත්මක වෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති 33 ක් අත්හිටවනු ලැබ ඇත.

දැනට පවතින සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ වැඩිවන සේවා ඉල්ලුම පිළිබඳ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී එම ව්‍යාපෘති නිසි පරිදි සම්පුර්ණ කිරීම අත්‍යවශ්‍යව තිබේ. 

එකී ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 17 ක් නැවත ආරම්භ කිරීමට පෙර ව්‍යාපෘති අත්හිටුවීම සහ උද්ධමන තත්ත්වය මත ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශ්‍රම උපයෝජනය සඳහා වන පිරිවැය ඉහළයාම හේතුවෙන් අදාළ ව්‍යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු සහ ව්‍යාපෘති කාල රාමු සංශෝධනය කළ යුතු බව හඳුනාගනු ලැබ ඇත. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *