පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා නවාතැන් ගෙන සිටි නිවසකින් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන බවට සැක කෙරෙන ද්‍රව්‍ය ප‍්‍රවාහන කළ බවට සැකපිට විමර්ශන ආරම්භ වූ අදාළ කන්ටේනර් දෙකට අයත් ලියකියවිලි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සොයාගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබූ බවට සැක කෙරෙන එම කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කර ගැනීම සඳහා මුදල් ගෙවූ රිසිට් පත් ද එම ලියකියවිලි අතර තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රකාශ කළේය.
මෙම කන්ටේනර්වලට අදාළ ලියකියවිලි හමු වී ඇත්තේ මිදදෙනිය පදිංචි කරුවෙකු ඔහු සතුව තිබියදීය. එම පුද්ගලයා සතුව තිබී සම්පත් මනමපේරිගේ ජංගම දුරකථනය ද සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළ අතර, ඔහුට අයත් බැංකු කාඩ් පත් හතරක්ද එම නිවසින් හමු වී තිබේ.
කෙසේ වෙතත්, සම්පත් මනම්පේරිගේ නීතිඥවරුන් පසුගිය 17 වැනිදා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය බවට සැක කරන බහලුම් දෙක වරායෙන් නිෂ්කාශනය කිරීමට හෝ මිද්ෙදණිය වෙත රැගෙන ඒමට සම්පත් පේරි සම්බන්ධ නොවූ බවයි.
ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ එම කන්ටේනර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවක් මතුවීම හේතුවෙන් සම්පත් මනම්පේරි ඉදිරිපත් වී ඒවා දැවීමට කටයුතු කර ඇති බවයි.
නමුත්, සම්පත් මනමපේරිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් ඔස්සේ විමර්ශන සිදු කළ පොලිසිය, ඔහුට නවාතැන් සහ ප්‍රවාහණ පහසුකම් සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට භාර වීමට පෙර පොලිසියෙන් සැඟවී සිටි සම්පත් වන්නි ආරච්චිගේ පේරි හට එම පහසුකම් සපයා තිබුණේ විදුලිබල මණ්ඩල සේවකයෙක් විසිනි.
මීට පෙර අනාවරණය වූයේ සම්පත් මනමපේරි බැකෝ සමන්, කෙල්බද්ධර පද්මේ’ සහ තැඹිලි ලහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධතා පවත්වා ඇති බවයි

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්