Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාදිනල් හිමිගෙන් රජයට දැඩි විවේචනයක්

8 months ago

මෙරට සංස්කෘතියට හා ආගමික ඉගැන්වීම්වලට හානිකර යැයි පවසමින් රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සහ යෝජනා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි විසින් දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ.

විශේෂයෙන්ම පාසල් දරුවන්ට කොන්ඩම් බෙදීමට යෝජනා කිරීම සහ සමලිංගික සංචාරකයින් සංවිධානාත්මකව මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙළ උන්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ මෙම වැඩපිළිවෙලවල් අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩ පිළිවෙලවල් බවත්, වනාචාරී යුගයකට අපේ රට ගෙනියන්න දෙන්න බැරි බවත්ය.

ලිංගික අධ්‍යාපනය සඳහා පාසල්වල දරුවන්ට කොන්ඩම් බෙදා දිය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් උන්වහන්සේ දැඩිව ප්‍රශ්න කළහ.

“කවුද මේ පිස්සු කතා මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ. මේ අපේ රට මේ ලංකාවද ඇමෙරිකාවද එංගලන්තෙද ඕස්ට්‍රේලියාවද” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙම තීරණ රටේ ඉහළම තනතුරු දරන පුද්ගලයා ජනාධිපති දන්නවාදැයි තමන් නොදන්නා බවත්, ඔහු නොදන්නේ යැයි තමන් විශ්වාස කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

එසේනම් “කරුණා කරලා ඕවා නවත්තන්න” ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් මෙරට තුළට නිදහසේ සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් සංවිධානාත්මක ලෙස ගෙන ඒමට ඉඩ දිය යුතු බවට ලිපියක් යවා ඇති බවද කාදිනල් හිමිපාණෝ කියා සිටියහ.

උන්වහන්සේ මේ සම්බන්ධයෙන් දැක්වූයේ, ආදරය, ප්‍රේමය, කරුණාව වැනි උතුම් ගුණාංග සහ ආගමික ඉගැන්වීම් පසෙකට දමා ලිංගිකත්වය උඩින්ම තියාගෙන මේ රට තුළට මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට “මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බැහැ” යනුවෙනි.

විදේශ විනිමය සංචිතය ඉහළට දැමීම වැදගත් බව පිළිගන්නා නමුත්, ඒ සඳහා අපේ සමාජය විකෘති මානසිකත්වයක් වෙත යොමු කිරීම වැරදි බව කාදිනල් හිමිපාණන්ගේ අදහස විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *