2025 අයවැය මඟින් වැටුප් වැඩි නොවුණු විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින බවත් 2026 අයවැය මඟින් ඔවුන් වෙත ප‍්‍රතිලාභ සලසන්න කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
‘සවිමත් සුවපත් දිරිමත් දිවියක්’ යන තේමාව යටතේ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ ‘ජාතික විශ‍්‍රාමික දිනය 2025’ සැමරුම් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා..
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා
”ලක්ෂ 07කට අධික විශ‍්‍රාමික ප‍්‍රජාවට බලපාන ගැටලු රාශියක් පවතින බව අපි දන්නවා. අපි විශ‍්‍රාමික සංවිධාන මුණගැහෙනවා. නියෝජ්‍ය ඇමතිතුමා, ලේකම්තුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා මුණගැසී ඔවුන් සාකච්ඡා කරනවා. තාමත් අපට හඳුනාගත නොහැකි ගැටලුත් තිබෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට තිබෙන ගැටලු නිරාකරණය කිරීමේ වගකීම ඉටු කිරීමට රජය අපේක්ෂා කරනවා.”