වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරීනියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ සහ විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.
මෙම පැමිණිල්ල (පැමිණිලි අංක 20039516 යටතේ) 2025/10/09 දින යොමු කර ඇති අතර , අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරුවන පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝදි වික්‍රමසිංහ යන අය මෙම අසත්‍ය ප්‍රවෘත්ති මගින් ඉලක්ක කර ඇත.
මෙම ප්‍රවෘත්ති හේතුවෙන් ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට, පවුල් ජීවිතයට, වෘත්තීය ජීවිතයට සහ දරුවන්ගේ ජීවිත වලට මෙන්ම අමාත්‍යවරයාගේ දේශපාලන චරිතයට හානි වන අයුරින් අසත්‍ය ප්‍රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම් සහ සටහන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන් වේ.
ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම දිගින් දිගටම සිදු කරන බැවින්, අදාළ ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර නීතිමය පියවර ගන්නා ලෙස මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් විජේසිංහ මහතා විසින් ඉල්ලා සිටී.
එම ලිපිය පහතින්,


බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්