Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

“මල්ලිගේ සිරුර ගොඩට ගෙනාවේ මුරුතවෙල වැව් පතුලේ තිබිලා” – ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂිකරුවෙකුගෙන් සාක්ෂි!

1 week ago

“අපි, මුරුතවෙල ජලාශයට නාන්න ගියේ වරල්ලේ ඉඳලා වෑන් එකකින්. අපි කට්ටිය නාමින් ඉන්නකොට එතන හිටිය කෙනෙක් “අන්න ඔයාලගෙ එක්කෙනෙක් අතක් උස්සා ගෙන වතුරේ ගිලෙනවා” කියලා කෑ ගැහැව්වා. එතකොටත් ඒ මල්ලි පේන්න හිටියේ නෑ. ටික වෙලාවකින් ගඟ පතුළේ තිබිලා මල්ලිගේ දේහය ‍ගොඩට ගත්තා” යැයි මුරුතවෙල ජලාශයේ ගිලී මියගිය උපකාරක පංති ගුරුවරයෙකුගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවකු පැවසුවා.

එසේ සාක්ෂි ලබා දුන්නේ මියගිය උපකාරක පංති ගුරුවරයා ඇතුළු පිරිස පැමිණි විනෝද චාරිකා වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයායි.

තම මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක පැමිණ  මුරුතවෙල ජලාශයේ දිය නාමින් සිටි 32 හැවිරිදි පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු ඉකුත් (06) සවස 3.30 ට පමණ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ අමුවකන්ද, පැලවත්ත,වරල්ල, මොරවක ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණවේදී උපාධිධාරියෙකු වූ ඔහු මොරවක සහ අවට ප්‍රදේශවල උපකාරක පංති පවත්වා  ගිණුම්කරණය විෂයය ඉගැන්වූ ජනප්‍රිය ගුරුවරයෙකි. මෙම තරුණ ගුරුවරයා ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ චරිතයක් වූ බව අවට අසල්වාසීන් පවසනවා.              

මොහුගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය වලස්මුල්ල හදිසි මරණ පරීක්ෂක සඳසිරි රණසිංහ විසින් වලස්මුල්ල රෝහලේදී පවත්වනු ලැබුවා.

මෙහිදී සාක්ෂි දුන් වෑන් රියේ රියදුරු මෙසේද පැවසීය.

“අපි 12 දෙනෙක් විතර වරල්ලේ ඉදලා උදේ 10 ට විතර මුරුතවෙල ජලාශයට දියනෑමට වෑන් රියකින් ආවා. මම වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළා . මගදී කට්ටිය මත්පැන්  බෝතල් හයක් ගත්තා . මුරුතවෙල ජලාශය ළඟට ඇවිත් කට්ටිය මත්පැන් බීලා විනෝද වෙලා නාන්න ජලාශයට බැස්සා . මා බිව්වේ නැහැ . එතැන වලවල් සහ රොන්මඩ තිබෙන තැනක්. මියගිය මල්ලි නාලා ටික වෙලාවකින් ගොඩට එනවා මා දුටුවා. ඔහු ආයෙ ජලාශයට බැහැලා තියෙනවා. “අන්න ඔයාලගෙ එක්කෙනෙක් අතක් උස්සා ගෙන වතුරේ ගිලෙනවා” කියලා කාන්තාවක් කෑ ගසා කීවා .අර කාන්තාව කෑගැසූ පසු අපි සොයා බැලුවා. මියගිය මල්ලි පෙනෙන්න හිටියේ නැහැ . පස්සෙ අපි 119 කෝල් එකක් දුන්නා. ඊට පස්සේ මිද්දෙණිය  පොලිසියෙන් ආවා. ගමේ අය ජලාශයට බැහැලා බැලුවා. ඊට පස්සේ තමා ගමේ අය වැවේ පතුලේ තිබිලා ඒ මල්ලිගේ සිරුර  ගොඩට ගෙනාවේ .ඔහු වහාම සුවසැරිය ගිලන් රථයකින් වලස්මුල්ල රෝහලට රැගෙන ගියා. ඒත් ඒ වනවිටත්  ඔහු මියගොස් තිබුණා කියලා දැනගන්න ලැබුණා.”

 මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේ දී පැවැත්වවුණා. මෙතෙක් වෛද්‍ය වාර්තාව ලැබී නැති අතර, වෛද්‍ය වාර්තාව ලැබුණු පසු උපකාරක පංති ගුරුවරයාගේ  මරණය පිළිබඳව තීන්දුව ලබාදෙන බව හදිසි මරණ පරීක්ෂකවරයා පැවසුවා

මිද්දෙණිය පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

(source – hiru news)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *