Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

භානුක හා ධනංජය යළි ශ්‍රී ලංකා සංචිතයට

2 days ago

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන්, එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා එක් කර තිබෙනවා.

ලබන මස 11දා ආරම්භ වන මෙම සංචාරයේදී තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් සහ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව සහභාගි වන විස්සයි20 තුන්කොන් තරගාවලියක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

තේරීම් කමිටු සභාපති උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් රැස්වූ තේරීම් කමිටුව, විස්සයි20 තරගාවලිය සඳහා වන 22කගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර, ඔවුන් මේ දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිය පුහුණුවීම්වල නිරත වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *