හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට අද පෙරවරුවේ සමාජ මාධ්‍ය තුල වාර්තා පළ විය.
තමා මියගිය බවට සමාජ මාධ්‍යයේ පළවූ පෝස්ට් එකෙන් තමා හාස්‍ය රසයක් වින්ද බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
මෙවැනි දේවල් ආයුෂ වැඩි වෙන්නත් හේතු වෙනවා කියලා තමා අසා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
තමා මැරෙන තුරු දේශපාලනය කරන බව පැවසූ නානායක්කාර මහතා ශක්තිය මදි හෙයින් නැවත මැතිවරණ වලට ඉදිරිපත් නොවන බවද ප්‍රකාශ කළේය.