Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හම්බන්තොට පිරිපහදුව ගැන සයිනොපෙක් දුන් පොරොන්දුව

2 days ago

චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලියැන්ගොං ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් අද (15) දිනයේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවුණා.

ඒ ඇ.ඩො. බිලියන 3.7ක ආයෝජනයකින් හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ව්‍යාපෘතිය පිළිබඳ නොවිසඳුනු ගැටලු සාකච්ඡා කිරීම සඳහායි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පැවැති ගැටලුවලින් විශාල ප්‍රමාණයක් විසඳාලීමට අමාත්‍යවරයා ලබා දුන් සහයෝගය සයිනොපෙක් සමාගමේ උප සභාපතිවරයා අගය කරනු ලැබුවා.

ඒ අනුව දිනකට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පාදනය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘති ගිවිසුම ඉකුත් ජනවාරි මස අත්සන් කිරීමට හැකි වූ බව ද වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දුන්නා.

මීට අමතරව ව්‍යාපෘතිය ඇරඹීම සම්බන්ධයෙන් බලපා ඇති තවත් ගැටලු කිහිපයක් පිළිබඳව ලියැන්ගොන් මහතා විදේශ අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කළ අතර මෙම ව්‍යාපෘතිය රටවල් දෙකටම වැදගත් වන ව්‍යාපෘතියක් හෙයින් එම ගැටලු ඉතා ඉක්මණින් විසඳීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාව සහ එහි ආර්ථිකයට විදේශ ආයෝජන තුළින් සිදුවන ධනාත්මක බලපෑම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ගැටලු ඉතා ඉක්මණින් විසඳීමට තමා මැදිහත් වන බවට අමාත්‍ය විජිත හේරත් මහතා එකඟතාව පලකළා.

ඒ අනුව ප්‍රමාදයකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දෙපාර්ශවය එකඟතාවයක් ඇති කරගත්තා.

මෙම හමුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *