Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

“සිරිකොත” අලුත්වැඩියා සිද්ධියට තවත් ලොක්කෙක් මාට්ටු

1 day ago

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ” සිරිකොත ” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 17කට ආසන්න පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව එවකට එම සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ද අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණට දන්වා සිටියා.

ඒ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ,

සිද්ධියට අදාළව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ව්‍යපාරික නිලූ දිල්හාර විජේදාස අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම ඒ බව දන්වා සිටියා.

ඒ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ” සිරිකොත ” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 17කට ආසන්න පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළවයි.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ” සිරිකොත ” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු. 1,667,294.87 ක (රුපියල් දහසය ලක්ෂ හැටහත් දහස් දෙසිය අනූ හතරයි ශත අසූ හතක) පාඩුවක් සිදුකර ඇතැයි සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ‍නඟා තිබුණා.

එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදු කිරීම යන දූෂණ චෝදනාව සැකකරුට එරෙහිව නගා තිබූ තවත් චෝදනාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි සඳහන් කර සිටියේ මෙම විමර්ශනය 2021 වර්ෂයේ ආරම්භ කරන ලද විමර්ශනයක් බවයි.

අල්ලස් කොමිසම = සහකාර නීති අධ්‍යක්‍ෂක සුලෝචනා හෙට්ටිආරච්චි

” ස්වාමීනී මෙම විමර්ශනය අපි ආරම්භ කරන්නේ 2021 වර්ෂයේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කරන ලද සේවකයින්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. ස්වාමීනි මෙම සැකකරු හිටපු අමාත්‍ය අකිල විරාජ් හමු වී ලබාගන්නා ලද ඇස්තමේන්තුවක් පරිදි තමයි මෙම ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට සේවකයින් යොදවලා තියෙන්නේ, ස්වාමීනී රජයට ලක්ෂ 17 කට ආසන්න පාඩුවක් සිදු කරලා දූෂණය නැමති වරද කරලා තියෙනවා.”

” ස්වාමීනී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පෞද්ගලික ගොඩනැගිලි පවා අලුත්වැඩියා කිරීමට හැකියාව තිබෙනවා . නමුත් එම අලුත්වැඩියා කටයුතු සඳහා යම්කිසි ක්‍රමවේදයක් යටතේ මුදලක් අය කරනු ලබනවා. මෙම ” සිරිකොත” පුද්ගලික ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් යටතේ මුදලක් අය නොකර සේවකයන් යොදවා එම ආයතනයේ කටයුතු කිරීමෙන් රජයට මූල්‍ය වශයෙන් අලාභයක් කර තිබෙනවා. “

” ස්වාමීනි මෙම සැකකරු එවකට විධායක අධ්‍යක්‍ෂක වශයෙන් කටයුතු කර තිබෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ යම්කිසි ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කිරීමේදී අනුගමනය කළ යුතු නීත්‍යානුකූල ක්‍රමවේදය බැහැරව තමයි මෙම සැකකරු කටයුතු කර තිබෙන්නේ. මෙය සංයමය වරදක්. “

” මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට තිබෙනවා.”

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

ඔබ අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන්නේ බී වාර්තාවේ සඳහන් වන අධ්‍යක්ෂකවරයාද ?

අල්ලස් කොමිසම = සහකාර නීති අධ්‍යක්‍ෂක සුලෝචනා හෙට්ටිආරච්චි

” ඔහු ස්වාමීනි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා අත්අඩංගුට ගැනීමට බලාපොරොත්තු වෙනවා.”

” ස්වාමීනී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

මෙම සිරිකොත ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම කළ ඇත්තේ කුමන පුද්ගලයෙකුගේ ඉල්ලීමක් පරිදි ද?

අල්ලස් කොමිසම

” ස්වාමීනි , එවකට සිටි සිරිකොත මහලේකම්ගේ ඉල්ලීමක් පරිදි තමයි මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකර තිබෙන්නේ”

සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ රට ඇතුළතත් රටින් පිටත් රාජ්‍ය ඉංජිනේරු සමාගමකට ගොඩනැගිලි අලුත් වැඩියා කිරීමේ කටයුතු කිරීමට හැකි බවයි.

සිද්ධියට අදාළ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ව්‍යපාරික නිලූ දිල්හාර විජේදාස රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නියම කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනය අවසන් කර ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

නඩුව දෙසැම්බර් 9 යළි කැඳවිමට නියෝග කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *