Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොකු පැටිගේ මුදල් පාලනය කල කපු මහතෙක් මාට්ටු

1 day ago

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ‘ලොකු පැටී’ නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු අද (16) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශන නිලධාරීන් සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ, සැකකරුගේ ගිණුම්වල රුපියල් කෝටි 33කට අධික මුදලක් සංසරණය වී ඇති බවයි.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ලොකු පැටී සමග ඔහු සමීප සබඳතා පවත්වා ඇති බවයි.

ඔහු විසින් ලොකු පැටීගේ කලු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව පොලීසිය පැවසුවා.

සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *