නඩුවකට පෙනී සිටීම සඳහා හමුදා මේජර්වරයකුගෙන් රුපියල් 50000/- ක් ලබාගෙන නඩුවට පෙනී නොසිටි නීතිඥයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතිඥවරයෙකුව නීතිඥ භාවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(16) තීරණය කළේය.
මෙවැනිම හැසිරීමක් හේතූවෙන් ඔහුට මීට පෙරදීත් වසර හතක තහනමක් පනවා තිබූ බව සඳහන්.
අදාළ නීතිඥවරයා මෙම සිද්ධියට අදාළව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවත්වු පරීක්ෂණයේදී හමුදා මේජර්වරයාගෙන් ලබාගත් රුපියල් 50000/-ක මුදල යළි ගෙවීමට පොරොන්දු වී ඇතත් එම පොරොන්දුවද පැහැර හැරීම මෙන්ම පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේදීත් කිසි විටෙකත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී නොසිටීමද සැළකිල්ලට ගනිමින් තීරණය ගෙන තිබේ.