කිසිදු වාණිජ, නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදුනොවන ආයතන 33 ක් වසා දැමීමට කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
2026 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ඊයේ(07) මේ බව පැවසුවා.
වාණිජ නොවන, පිහිටුවීමේ මුල් අරමුණෙන් අපගමනය වූ හා වර්තමාන සන්දර්භයට නොගැළපෙන ආයතන ද හඳුනාගෙන ඇති අතර ඒවා වසා දැමීමට ද සූදානම් කරන බව එහිදී අනුර මහතා අවධාරණය කර සිටියා.
තවද ජනපතිවරයා පවසා සිටියේ සිමෙන්ති සංස්ථාව මඟින් සිමෙන්ති නිශ්පාදනය නොකරන බවත් එහි සතු ඉඩම පුද්ගලික අංශයට බදු දි තිබෙන බවයි.
ජනපතිවරයා,
“අප රට ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ලෙස ඉදිරි ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බව පිළිගන්නවා. එහෙත් වර්තමානයේ මහජන සේවා සම්පාදනය වෙනුවෙන් රාජ්‍ය සේවය සඳහා සාපේක්ෂව ඉහළ වැය බරක් දරනු ලබනවා. දේශපාලනීකරණය වුනු රාජ්‍ය බඳවා ගැනීම්, සිය කාර්යභාරය ඓතිහාසිකව අවසන් වූ ආයතන, එකම කාර්යයන් වෙනුවෙන් ගොඩ නඟා තිබෙන විවිධ ආයතන එයට ඉවහල් වී තිබෙනවා. අප රජය විසින් ලබා දිය යුතු අත්‍යවශ්‍ය සේවාවන් නිසි ඇගයීමකට ලක් කරමින් කාර්යභාරය අවසන් වූ රාජ්‍ය ආයතන වසා දැමීමටත්, එකම කාර්යය කරන විවිධ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමටත්, යල් පැනගිය අරමුණු නව අරමුණුවලට අනුව ප්‍රතිසංවිධානය කිරීමටත් කටයුතු කරනවා. එවැනි කිසිදු වාණිජ, නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදුනොවන ආයතන 33 ක් වසා දැමීමට කටයුතු ආරම්භ කර තියෙනවා. තවද, වාණිජ නොවන, පිහිටුවීමේ මුල් අරමුණෙන් අපගමනය වූ හා වර්තමාන සන්දර්භයට නොගැළපෙන ආයතන ද හඳුනාගෙන ඇති අතර ඒවා වසා දැමීමට සූදානම් කරනවා.
ඉහත රාජ්‍ය ව්‍යසායයන් ජාතික ආර්ථිකයට හෝ සේවා සැපයීමට කිසිදු දායකත්වයක් නොමැති අතර, ඒවායේ මූල්‍ය වාර්තා සොයාගැනීම ඉතා අපහසු සේම නිරවුල් නොකරන ලද වගකීම්, හා වත්කම් හිමිකාරිත්වයේ පවතින නීතිමය ගැටළු නිසා මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුනේ නැහැ. මෙම ගැටළු විසඳමින් එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය යටතේ ඒකකයක් දැනටමත් පිහිටුවා තිබෙනවා.
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ ලබා දී ඇති නිර්දේශ පදනම් කර ගනිමින් ආයතන 21 ක් එකම කාර්යයන් ඒකාබද්ධ වන ආකාරයෙන් ප්‍රතිසංවිධානය කිරීමටත්, පර්යේෂණ ක්ෂේත්‍රයේ ඇති ආයතන 14 ක් ඒකාබද්ධ කර ජාතික මට්ටමේ එක් ආයතනයක් පිහිටුවීමටත්, දැනට වාණිජ ආකෘතියක කටයුතු නොකරන ආයතන 9 ක් මූල්‍ය ස්වාධීනත්වයෙන් යුත් ආයතන ලෙස පරිවර්තනය කිරීමටත්, ආයතන 13 ක් ඒවා එවකට පිහිටුවීමේ අරමුණු වර්තමානයට අවශ්‍ය නොවීම මත ඈවර කිරීමටත් කටයුතු කරනු ලැබේ.”

රජයේ සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්
ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලයි
බස් සංගම්වල ඉල්ලීමට ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රතිචාර
අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්
නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි
සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්