පශ්චාත් ආපදා සහන සලසන බවට පවසන ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය විසින් ඉල්ලීමක් කර තිබේ.
එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බවය.
ඒ හේතුවෙන් එවැනි ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙසත් එවන් පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමේන් වැළකී සිටින ලෙසත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය දැනුම්දී ඇත.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට පශ්චාත් ආපදා සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හරහා විධිමත්ව සිදුකරන බවය.
තවද රටක් ලෙස සියලු ජනතාව දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙමින් සිටින කාල පරාසයක් තුළ ඔවුන් නැවත වරක් වින්දිතයින් බවට පත්කිරීම වැළැක්වීමේ අරමුණින් එවන් වංචනික ක්‍රියා සහ ජාවාරම් සිදු කරන පුද්ගලයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බවත් අවධාරණය කර සිටී.

ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!