කිලිනොච්චිය ප්‍රදේශයෙන් අදහාගත නොහැකි ආකාරයේ පුවතක් වාර්තා වේ. තම වැඩිමහල් සහෝදරයා මරුමුවට පත්කළ ටිපර් රථයටම ඔහුගේ බාල සහෝදරයාද අනතුරට ලක්වීමේ පුවතක් මේ වන විට ප්‍රදේශය පුරා දැඩි කතාබහට ලක්ව තිබේ.
පසුගිය නොවැම්බර් මාසයේදී කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. ප්‍රදේශවාසීන් පවසන්නේ වැලි ජාවාරමක තොරතුරු හෙළි කළ බවට සැක කරමින්, එම ජාවාරමට සම්බන්ධ ටිපර් රථයකින් හිතාමතාම ඔහු යටකර මරා දැමූ බවයි. එම මරණය සම්බන්ධ නඩුව මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
අදාළ අනතුර සම්බන්ධයෙන් පොලිස් භාරයේ තිබූ එම ටිපර් රථය අධිකරණ නියෝග මත නිදහස් කිරීමෙන් පසු, වෙනත් රථයක ආධාරයෙන් මාර්ගයේ ඇදගෙන යමින් (Towing) තිබී ඇත. එහිදී පුදුම සහගත ලෙස මියගිය පුද්ගලයාගේ බාල සහෝදරයාද මෙම ටිපර් රථයේම ගැටී අනතුරට ලක්ව තිබේ.
මෙම දෙවැනි අනතුරෙන් බාල සහෝදරයාට හානියක් සිදු නොවුණද, මෙය අහම්බයක් නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති. පළමු මරණය මෙන්ම, මෙම අනතුරද සිතාමතා කළ බිය වැද්දීමක් බව ඔවුන්ගේ සැකයයි.
කිලිනොච්චිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ