වර්තමානයේ බුදුදහමට සහ මහා සංඝරත්නයට එල්ල වෙමින් පවතින විවිධ බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන විශේෂ මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සමුළුව අද පස්වරු 2.00 ට කොළඹ පිහිටි බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී ආරම්භ වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කළේ මෙම සමුළුව කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් පවත්වන්නක් නොවන බවයි.
වර්තමාන සමාජය තුළ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් එල්ල වන විවිධ බලපෑම් සහ අභියෝගයන්ට විරෝධය පළ කිරීම මෙන්ම, ඒ පිළිබඳව පොදු මහජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
මේ අතර, රටේ බෙදුම්වාදයට සහ ඊට අනුබල දෙන බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින මහජන පෙත්සමකට අත්සන් තැබීමේ වැඩසටහනක් ඊයේ (19) ආරම්භ විය.
මෙම මහජන පෙත්සම ඉදිරි දිනකදී ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බව සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කර සිටී.
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම