විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවසන් තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සුපිරි 8 වටයේ තීරණාත්මක තරගය අද (28) රාත්‍රී 7.00ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ඊයේ (27) පැවති තරගයෙන් එංගලන්තය හමුවේ නවසීලන්තය පරාජය වීමත් සමඟ දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමේ බලය මෙම තරගය සතු වී ඇත. ශ්‍රී ලංකාවට මෙම තරගය ගෞරවනීය ජයක් ලබාගැනීමට අවස්ථාවක් වුවද, පාකිස්තානයට සහ නවසීලන්තයට මෙය මෙවර ලෝක කුසලාන ගමන් මග තීරණය කරන තීරණාත්මක කඩඉමකි.
දැනට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන නවසීලන්තය අභිබවා අවසන් පූර්ව වටයට පිවිසීමට නම් පාකිස්තානයට අද සුවිශේෂී ජයග්‍රහණයක් අවශ්‍ය වේ. ඒ අනුව:
- පළමුව පන්දුවට පහරදුනහොත්: ශ්‍රී ලංකාවට එරෙහිව අවම වශයෙන් ලකුණු 64ක ජයක් ලැබිය යුතුය.
- දෙවනුව පන්දුවට පහරදුනහොත්: ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය පන්දුවාර 13.1ක් තුළ හඹා යා යුතුය.
පාකිස්තානය මෙම ජයග්‍රහණය වාර්තා කළහොත් අවසන් පූර්ව තරග ද ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ අවසන් තරගය මෙය වනු ඇත.
වසර 19ක විස්සයි20 ඉතිහාසය තුළ දෙරට අතර තරග 29ක් පවත්වා ඇති අතර, ඉන් තරග 17ක් පාකිස්තානයත් තරග 12ක් ශ්‍රී ලංකාවත් ජයගෙන තිබේ. ශ්‍රී ලංකා භූමිය තුළ පැවති තරග 8න් 5කම ජය පාකිස්තානය සතු කරගෙන ඇත.
කෙසේ වෙතත්, ලෝක කුසලාන තරග ඉතිහාසය දෙස බැලීමේදී දෙරටම තරග 2 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවේ. විශේෂත්වය වන්නේ වසර 14කට පසු (2012න් පසු) ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය වීමයි.

දේශීය අල කිලෝවකට හෙට සිට සහතික මිලක්
ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ