මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඊයේ (06) උදෑසන ආරම්භ කෙරුණු “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බැංකු හා මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
නව QR ක්‍රමවේදය ජනතාවට වඩාත් පහසු සහ ආකර්ෂණීය අත්දැකීමක් බවට පත් කිරීමේ වගකීම බැංකු පද්ධතිය සතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතුවන බාධා කඩිනමින් ඉවත් කර ගනිමින්, සමාජය තුළ එය වේගයෙන් ප්‍රචලිත කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කළේය.
මෙහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ, ATM යන්ත්‍ර මගින් මුදල් නිකුත් කිරීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි. ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හරහා එම පිරිවැය සැලකිය යුතු ලෙස අවම කරගත හැකි බවත්, මෙය මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක මහතා සඳහන් කළේ, ඩිජිටල් ගනුදෙනු සඳහා ජනතාව දිරිගැන්වීමේ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි. රජය ආරම්භ කළ මෙම වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ උපරිම සහාය ලබා දෙමින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමට දායක වන බව ඔහු වැඩිදුරටත් සහතික කළේය.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්