ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (07) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇද හැලෙනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතියි.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මැදපෙරදිග වත්මන් තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට
උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි
වියට්නාම ජනපති අද දිවයිනට
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි
විද්‍යා ඝාතන විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම යළි තහවුරු කරයි
ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙපාරක් මුදල් ගෙවලා? ලක්ෂ 5,000කට ආසන්න මුදලක් අතිරේකව වැය වෙලා?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ තැනට වැටෙයි
සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ ආරංචියක්
ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි