පසුගියදා පැවැති මැයි දින රැලියකදී ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2026 මැයි 25 වන දින ලබා දීමට නියමිත අධිකරණ තීන්දුවක් පිළිබඳව සඳහන් කරමින්, එම තීන්දුව දුන් පසු ජනතාවට එයට “අත්පොළසන් දිය හැකි වනු ඇතැයි” ජනාධිපතිවරයා මැයි දින රැලියේදී ප්‍රකාශ කර තිබුණා.
කෙසේවෙතත් අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ,ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ අඩංගු ස්වරය අනුව, එය අධිකරණ ක්‍රියාවලියට සිදුකරන මැදිහත්වීමක් ලෙස පෙනී යන බවයි.
මෙවැනි ප්‍රකාශ හේතුවෙන් අධිකරණය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදු විය හැකි බවට නීතිඥ සංගමය පෙන්වාදෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 C (1) වගන්තියට අනුව, ඕනෑම විනිසුරුවරයෙකුට හෝ අධිකරණ බලය ක්‍රියාත්මක කරන නිලධාරියෙකුට බලපෑම් කිරීම හෝ උපදෙස් ලබා දීම වරදක් බව නීතිඥ සංගමය එම නිවේදනයෙහි සඳහන් කර තිබෙනවා.
ස්වාධීන අධිකරණ පද්ධතියක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යයේ පදනම බවත්, එය කිසිදු බියකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව යුක්තිය ඉටුකිරීම සහතික කළ යුතු බවත් එම සංගමය අවධාරණය කළා.
අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් බලපෑම් එල්ල වන සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව දැඩිව පෙනී සිටින බවත්, ඉදිරියටත් අධිකරණයේ අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා